විහගට මොකද වුණේ ? ජීවිතේ දිනන්න ඔයත් කියවන්න
මගෙ නම විහග . මගේ අම්මටයි අපපච්චිටයි හිටිය එකම පුතා. මට ජීවිතයේ හැමදේම වුණේ අම්මයි ආප්පච්චියි. ඉතිං මේ විදිහට එයාලා ගොඩක් දුක් මහන්සි තමයි වෙලා මාව විශ්වවිද්‍යාලයට යැව්වේ .එ වෙද්දීත් මගේ ප්‍රථම ප්‍රේමයට අවුරුද්දක් වෙලා. හීන ගොඩක් තියාගන තමයි මම campus එකට ආවෙ.සුරනි කියන්නේ පාසල් කාලයේ ඉදන්ම මගේ හොද යාළුවෙක් . එ මිත්‍රත්වයත් එක්කම අපි ආදරේ කරන්න පටන් ගත්තා.ඒත් නොහිතපු විදිහට තමයි මේ හැමදෙම වෙනස් වුණේ.
ඇත්ටටම කැම්පස් එකේ වැඩත් එක්ක මට එයා ගැන වැඩිය හොයන්න හම්බුණේ නෑ.මොකද MID EXAM ,EXAM PRESENTATION අස්සේ හිරවෙලා මම හිටියේ.ඒත් මගේ හිතේ ආදරේ අඩුවක් වුණේ නෑ.කොහොම හරි දවසකට කෝල් කරහමත් හැමදාම රණ්ඩු වුන එක තමයි වුනේ. ඔය විදිහට මාව තේරුම් ගත්තේ නැහැ කවදාවත්ම. ගොඩක් මාව සැක කරන්න පටන් ගත්තා . එයා මම ගෙදර ගියහමත් මාව හම්බෙන්න එන්න කිව්වට ආවෙ නැහැ. මම පුළුවන් හැම වෙලේම කෝල් කළා , mg කලා ඒත් එයා reply කළේ නැහැ.මට හිතාගන්න බැරිවුණා එයාගෙ වෙනස.
මම කළේ හැම වැඩේම පැතත්ක තියල කල්පනා කරපු එක. මොකද මට හිතුණෙ නෑ හීනෙකින්වත්. එයා වෙනස් වෙයි කියලා. මොකද ජිවිතයේ මම වැඩියෙන්ම විශ්වාස කළේ සුරනිව. මම හිතුවා. එයා මගේ ජිවිතේට ශක්තියක් වෙයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ.එයා හැම වෙලේම රණ්ඩු කරලා මගේ හිත රිදෙව්වා.ඒත් මගේ හිතේ ආදරේ අඩුවක් වුණේ නැහැ. මට හිතාගන්න බැරිවුණේ සුරනිට මොකද වුණේ කියලා .මොකද මෙහෙම වෙනස් වෙන්න එයාට මගේ අතින් කිසිම වරදක් වුණේ නැහැ.
දවසක් මම campus ගිහින් ගෙදර එද්දී එයා සිම් එක මාරු කරලා තිබුණා.ඔය විදිහට මේ තරම් ආදරේ කරපු මාව මග අරින්න හේතුව මම දස අතේ කල්පනා කළා. ඒත් මට හම්නබුණේ නෑ. ඔහොම ඉද්දි දවසක් මම campus යන්න බස් හෝල්ට් එකේ ඉන්නැද්දී අපේ ගමේ මන්ත්‍රී කෙනෙක් පද්මලාල් කියලා හිටියා. එයාගෙ පුතා වෙන වාසුල එක්ක සුරනි කාර් එකේ යනවා මම ඇස් දෙකෙන් දැක්කා. ඒ විදිහට ජීවිතේ මගෙ කඩාවැටුණු දවසක් මට මතක ඇති කාලයේ තිබිලා නෑ. මගෙ හීන වලට මාත් එක්කම එනවා කියපු එයා අද වෙන කෙනෙක්ගෙ ජීවිතේ වෙලා. ඔව් මේක තමයි ජීවිතේ මට ඒත් හිත හදාගන්න බැරි වුණා. මං Campus එකට ගිහින් කළේ ඔහේ ජීවත් වුණ එක. යාළුවන්ගෙන් කොයිතරම් නම් බැණුම් අහනවද කන්නෙ නැතුව, උන් කැන්ටිමෙන් ගෙනල්ලා මට බලෙන්ම කන්න දෙනවා.ඇත්තටම කන්න පිරියක් තිබ්බෙ නැහැ මට .මගෙ මුළු කතාවම දන්න උන් මගෙ හිත හැදුවා. හැමදාම කළේ උන් ඔයිට අන්ත බූට් ගැන මට කියපු එක .මම දවසක් මේ පීඩනය දරාගන්න බැරිම තැන අරුන්ට කිව්ව මට තනියම පන්සල් යන්න ඕනෙ කියලා. ඒත් මම දන්නවා උන් ටික කොහේ හරි ඉදගන බලාගෙන ඇති කියලා. මම ළග තිබ්බ හරිම හිත නිවන පොඩි පන්සලකට ගියා .ගිහි මල් පූජා කරලා පාන තියලා ප්‍රාර්ථනා කළේ මෙ පීඩනයෙන් මාව මුදවන්න කියලා.
ඒත් එක්කම මගෙ වයසෙ වගේ පොඩි හාමුදුරු නමක් එතනට වැඩියා.මොකෝ පුංචි මහත්තයා මොකෝ කියලා ඇහුවා.අනේ මන්දා මොකද්දෝ හේතුවකට මගෙ හිතේ හැමදේම මට කියන්න හිතුණා . පොඩි හාමුදුරුවො පොඩිම හිනාවක් දාලා හරි ලස්සන බණ පදයක් කිව්වා ''අචිංති තම්පි භවති චිංති තම්පි විනස්සති'' මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නෑ වෙන දේ හිතාගන්න බෑ..මෙ විදිහට ධර්මානුකූලව බොහෝ දේ පැහැදිළි කරල දුන්නා. තමන්ගෙ හීනෙට යන්න මේවගේ දේවල් බාධාවක් කර ගන්න එපා කියලා උන්වහන්සේ මගෙ හිත ගොඩක් හැදුවා. මේ විදිහට කල්‍යාණ මිත්‍රයෙක් අපි හැමෝගෙම ජීවිත වලට හම්බවෙන්න ඕනෙ .එහෙම තමා මට හිතුණේ.
ඉන්පස්සෙ මම ගොඩක් මහන්සි වෙලා මගෙ පාඩම් වැඩ ටික කරන්න ගත්තා. මගෙ ජීවිතෙන් මට නැතිවෙලා ගියෙ නොගැළපෙන දේවල් කියලා හිත හදාගන මගේ ටාගට් පස්සෙ මම දුවන්න ගත්තා .ඔව් වැටෙන හැම වෙලාවකම නැගිටින්න තමන්ට පුළුවන් කමක් තියෙන්න ඕනේ .
හිතේ ශක්තියක් තියෙන්න ඕනෙ ඔව් මේ විදිහට හිත හයිය කරගන ජීවිතේ දිනන්න ඕනෙ. ගොඩක් දෙනෙක් මානසිකව වැටිලා ඉන්න වෙලාවට කරන්නේ එක්කෝ කොල්ලොත් එක්ක බොන්න යන එක එහෙමත් නැත්නම් සිය දිවි නසාගන්න තත්වෙට පත්වෙනවා.
මටනම් හිතෙන්නේ ඒ අයත් මම වගේ හිතේ දුක කාට හරි කියන්න නැතුව ඇති.මොකද ඒ එහෙම කිව්වනම් හිතමාර නිදහස් වෙනවා. හැබැයි තමන් ඒ වේදනාව කියන්නෙ කාටද කියලා හිතන්නම ඕනෙ කාරණාවක් මොකද එයා හැමතැනම ඒවා කිය කිය යන කෙනෙක් නොවෙන්න ඕනෙ.
ඒ වගෙම තමන්ගේ දියුණුවට වැඩ කරන්න. කාර්‍ය්බහුල වුණහම කවුරුත් මතක් වෙන්නෙ දුක හිතෙන්නෙ නෑනෙ. එ වගේම මතකයන් හිතට වද දෙනවත් අඩුයි.ඔයාලා දන්නවද මම ඒ දවස් වල ගොඩක් පොත් කියෙව්වා.මේ විදිහට වැටිලා තිබ්බ මනස මම ක්‍රමයෙන් හදාගත්තා.ගොඩක් මහන්සි වෙලා .
ඉතිං මම තමයි මගේ අවුරුද්දේ බැජ් ටොප් වුණේ. මම අද ලංකාවම දන්න company එකක මැනේජර් කෙනෙක් .ඉතිං ආයෙම චූටි ලස්සන ගෑනු ළමයෙකුත් ඉන්නවා. එවගේම එයා ගොඩක් මට ආදරෙයි .ලබන අවුරුද්දේ අපි දෙන්නා විවාහ වෙනවා. අපෙ අම්මා දවසක් කිව්වා සුරනි බැදලා ගියත් ආයෙ ගෙදර ඇවිත් කියලා. ඒත් මම හොයන්න ගියේනම් නැහැ.පුංචි දුකක් හිතට ආවත් මම හිතන්න ගියේනම් නෑ.

මේ විදිහට මානසිකව බිංදුවටම වැටිලා හිටපු මං අද සතුටින් ජීවත්වෙන ගෙයක් වාහනයක් තියන අම්මටයි තාත්තටයි ආදරෙන් බලන පට්ට ගටක් තියන කොල්ලෙක්...
ඔයත් ප්‍රශ්ණවලින් වැටෙන්න නම් එපා .හිත හයිය කරගන ජීවිතේ මං වගේ ගොඩයමු.මොකද ඔයා කාටවත් දුකක් කරදරයක් කරලා නැත්නම් අනිවාර්‍යෙන් ඔයාට ලස්සන දවස් ඉස්සරහට ඒවි එතකන් ඉවසන්න..