මෙන්න රත්තරං ආරංචියක් !

Report

මෙරට වෙළඳපොළ දත්ත වාර්තා වලට අනුව රත්‍රං මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.   

පසුගිය සෙනසුරාදා දිනයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 246,000ක් ලෙස සටහන් වුණා.   නමුත් අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 240,500ක් දක්වා පහළ ගොස් තිබෙනවා.   

දුර යන බස් විශේෂ පරික්ෂාවට

දුර යන බස් විශේෂ පරික්ෂාවට

මිට අමතරව සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වන විට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියා.