දුර යන බස් විශේෂ පරික්ෂාවට

Sri Lanka Police Srilanka Bus Sinhala news
By Hashini May 14, 2025 04:26 AM GMT
Hashini

Hashini

Report

වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි ඇත්තේ දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙසයි.

දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම මෙයට හේතුව බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ රාත්‍රී කාලයේදී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙරට සමස්ත මරණ අතරින් 70%ක් වෙන්න හේතුව මෙන්න...

මෙරට සමස්ත මරණ අතරින් 70%ක් වෙන්න හේතුව මෙන්න...

පොලිස් කොට්ඨාසවලට අයත් තොරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරි කණ්ඩායම් යොදවා මාර්ගයේ ධාවනය වන රථවාහන සහ බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් උපදෙස් ලබාදී තිබෙන බවයි පැවසෙන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලීසියේ යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මඟින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස්රථ පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමටද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බවයි. 

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක් !

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක් !

ReeCha