ඊයේ ලක්ෂ 4 පැන්න කැරට් 24 රන් පවුම අද පහළට - නවතම මිල ගණන් මෙන්න
නිතර උඩ පහළ යන රන් මිල ගණන්වලට අනුව අද(22) දින මෙරට රන් මිල ඊයේ රන් මිල ගණන්වලට වඩා අඩු අගයක් ගනී.
ඒ අනුව ඊයේ දින කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් ලක්ෂ 4ක් ලෙස සටහන් වූ අතර එය අද රුපියල් 398,955ක් ලෙස පහළ ගොස් ඇත.
එසේම,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 374,100ක් සහ එහි විකුණුම් මිල රුපියල් 398,955ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 342,524ක් සහ එහි විකුණුම් මිල රුපියල් 365,524ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 327,145ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,075ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 280,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 299,205ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.