රටම හොයපු අද උඩුයටිකුරු වුණු රන් මිල මෙන්න - කැරට් 24 ගිනි ගණන් වෙයි
මේ දිනවල නිතර වෙනස් වන රන් මිල ගණන් අද දින ද යම් වෙනසකට ලක්ව ඇත.
ඒ අනුව අද(14) දින රන් මිලදී ගැනීමේ මිල ගණන් ඊයේ (13) දිනයට සාපේක්ෂව අඩු වුවත් රත්තරන්වල විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද මෙරට මිල ගණන් වාර්තා වූයේ,
ඊයේ ගාණටම රන් පවුමක් ගන්න හිතන් හිටපු අයට සුබ ආරංචියක් - තවත් පරක්කු නොකර ගන්න අද රන් මිල ගණන් මෙන්න
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,130ක් සහ එහි විකුණුම් මිල රුපියල් 394,980ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,078ක් සහ එහි විකුණුම් මිල රුපියල් 361,865ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,090ක් සහ එහි විකුණුම් මිල රුපියල් 345,645ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,100ක් සහ එහි විකුණුම් මිල රුපියල් 296,280ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.