ලෝක වෙළඳපොළේ රන් මිල අහස උසට යද්දි ලංකාවේ රන් වෙළඳපොළත් උණුසුම් වෙයි - අද රන් මිල ගණන් මෙන්න
මැද පෙරදිග උණුසුම හමුවේ ලෝක තෙල් සහ රන් මිල ගණන් ඉහළ ගොස් ඇත. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ රන් මිල ද නිරන්තර උච්චාවචනයන්ට ලක් වේ.
ඒ අනුව අද(12) දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 372,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,975ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 340,762ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,047ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,505ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,025ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 279,055ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,915ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.