අද මෙරට භූකම්පන තත්ත්වයක්..මෙන්න එම ප්‍රදේශ.

Weather
By Thaya Jan 22, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අද (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළා.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් යුක්ත බව සඳහන් වේ.

භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති බව අනුර වල්පොල මහතා සඳහන් කළා.

මේ අතර වියලුව ඇකිරිය ගම්මානයට ද මෙම භූ කම්පනය දැනී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.