පාසල් දරුවන් වෙනුවෙන්ම කරන අලුත් දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි..
පෙබරවාරි මාසයේ සිට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සහල් සබලකරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් (Fortified Rice) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරෙන බව සඳහන් වේ.
Sponsored By Sarrita Jewellery
