පාසල් දරුවන් ගැන රජයෙන් ගත් විශේෂ තීරණයක් - මාර්තුවේ මුල සිටම ක්‍රියාත්මකයි.. හැබැයි මෙහෙමයි..

Report

මෙරට සියලු පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

පාසල් දරුවන් ගැන රජයෙන් ගත් විශේෂ තීරණයක් - මාර්තුවේ මුල සිටම ක්‍රියාත්මකයි.. හැබැයි මෙහෙමයි.. | Lunch Free For Children Grades 1 To 5 In Schools

ඒ අනුව මෙම දිවා ආහාරය මාර්තු මස මුල සිට පාසල් දරුවන් සඳහා ලබා දෙන බව සඳහන් ය.

මේ අතර, අපොස උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලැබීය.

මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තරපත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

මේ අනුව ප්‍රමාදයකින් තොරව උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කළහොත් ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට හැකි වේ.

එය මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට ඉතාමත් වැදගත් සාධකයක් වේ.


Sponsored By Sarrita Jewellery

පාසල් දරුවන් ගැන රජයෙන් ගත් විශේෂ තීරණයක් - මාර්තුවේ මුල සිටම ක්‍රියාත්මකයි.. හැබැයි මෙහෙමයි.. | Lunch Free For Children Grades 1 To 5 In Schools