මහජන ආරක්ෂක ඇමති හදිසියේම කැඳවූ වාර්තාව..
By Sithumi
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
මෙහිදී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් පහරදීමට තැත්කරනු හා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු ලබන වීඩියෝවක් ද සමාජ ජාලවල පළ වී තිබෙනවා.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙලෙස හැසිරුණේ යාපනය වඩමච්චි නැඟෙනහිර මර්ධන්කර්නි ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදීයි.