ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉදිරියේදී කරන දේ ගැන ප්‍රකාශයක්..
ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමේන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවට ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලනමය සංවාදයට එක්වෙමිනි.
තමා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන බැවින් පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සහය දෙන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
එලෙස ආණ්ඩුවේ තනතුරු දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු සඳහන් කරන ලද්දේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, තමන් විසින්ම දේශපාලනයේ නිරතව ලංකා අග්‍රාමාත්‍යවරිය බවට පත්වූ පළමු කාන්තාව ලෙස හරිනී අමරසූරිය අගමැතිවරිය පත්වන බවත් ඇය උගත්කමින් පරිපූර්ණව තම වගකීම් ඉටු කිරීම අගය කරන බවත්ය.