කුඩා දැරියකට සිදු වූ සංවේදී අවාසනාවන්ත ඉරණම..සියලු දෙමාපියන් මෙවන් දේ ගැන අවධානෙන් ඉන්න
දංකොටුව පොලිස් වසමේ වෑකඩ ප්‍රදේශයේ සිංගක්කුලිය වැවෙන් වතුර බැස යන ඇළ මාර්ගයකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
ඇළට වැටී ඇති දැරියව දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 4ක් වූ පුංචි සිඟිත්තියක්.
දංකොටුව පොලීසිය මෙම සිදුවීමට අදාලව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
පුංචි දරුවන් සිටින සියලුම දෙමාපියන් මෙන්ම වැඩිහිටියන් ඔබේ දරුවා ගැන සහ අවට පරිසරය ගැන දැඩි අවධානයෙන් පසු වන්න.
දරුවන් පිළිබඳව වැඩිහිටි ඔබගේ අවධානය වෙනතක යොමුවීමකදී ඔබේ දරුවාට නිමේෂයකින් අනතුරක් සිදු විය හැකිය.
නිරතුරුව අවධානයෙන් ඉන්න.