ටික්ටෝක් මිතුරා හෝටලයට එක්ක ගිහින් හොද සුද්දයක් දීලා

Report

ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ගොඩනැගුණු සමීප සම්බන්ධතාවයකදී පෞද්ගලික බැංකු සේවකයෙකු විශාල මුදලක් සහ රන් භාණ්ඩ අහිමි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. සමාජ මාධ්‍ය හරහා ඔහු මුණගැසුණු මිතුරා 19 වන දින රාත්‍රියේ බොරලැස්ගමුව කටුවාවල හෝටලයකදී ඔහුව මුණගැසී සුවඳ විලවුන් වර්ගයක් ආශ්වාස කිරීමෙන් ඔහුව ක්ලාන්ත කළ බවට චෝදනා එල්ල වේ.

මෙයින් පසු, පසුදා ඔහු අවදි වූ විට, රන් ආභරණ පවුම් තුනහමාරක්, බැංකු කාඩ්පතක් සහ රුපියල් 258,000 ක මුදල් සොරකම් කර ඇති බව ඔහුට පෙනී ගියේය. පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇත. පඩුහේන ප්‍රදේශයේ පදිංචි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක සේවය කරන සේවකයෙකු විසින් පැමිණිල්ල ගොනු කර ඇත.