ප්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු ඇඟවීමක්..
By Akash
චිලී රාජ්‍යයට රික්ටර් මාපක 7.5ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබෙනවා.
අද එම භූ කම්පන තත්ත්වය වාර්තා වූ බව සඳහන්. මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම භූ කම්පන තත්ත්වය චිලී සහ ආර්ජන්ටිනා වෙරළට ඔබ්බෙන් වූ ඩ්‍රෙක් පැසේජ් හී පුවර්ටෝ විලියම්ස් හී හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, සුනාමි අවදානම හේතුවෙන් දකුණු චිලියේ මැගලීන්ස් කලාපයේ වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව
ඉවත් කර තිබෙන බව විදෙස් වාර්තා තවදුරටත් කියා සිටියා..