නීතිය සැර වෙයි - මේ අය ගැන පුළුල් විමර්ශනය

Report

රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට හානියක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (23 වැනිදා) දැනුම් දී ඇත.

පොලිස්පතිවරයාගේ නියෝග සහ පැමිණිලි මත එම විමර්ශනය පවත්වන බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් දන්වා සිටියහ.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - දැන්ම දැනුවත් වෙන්න

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - දැන්ම දැනුවත් වෙන්න

ත්‍රස්තවාදය යළි ගොඩනැගීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් සාධාරණීකරණය වන ආකාරයේ ප්‍රකාශ කරමින් රටේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමයට හානිවන අයුරින් කටයුතු කරන තැනැත්තන් සම්බන්ධයෙන් අදාළ විමර්ශනය පවත්වන බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුභ ආරංචියක් - ස්ථීර සාම ගිවිසුමකට අවස්ථා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුභ ආරංචියක් - ස්ථීර සාම ගිවිසුමකට අවස්ථා