බන්ධනාගාර රෝහලට ගිය තුෂාර උපුල්දෙණිය අතුරුදහන්?
පසුගියදා මූල්‍ය වංචා රසකටට වැරදිකරුවෙකු පුද්ගලයෙක් අනීතිකව සියල්ලන්ගෙම ඇස් වහලා නිදහස් කරා යැයි කියන චෝදනාවට ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා චෝදනා ලැබුවා. ඒ අනුව ඔහු අපරාධ විමර්ශන ඒකකය මගින් ප්‍රශ්න කිරීමට ලක් කෙරූ අතර ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.අනතුරුව අද නීතිය හමුවේ පෙනී සිටි එතුමා නැවත වතාවක් රිමාන්ඩ් කිරීමට තීරණය කළේය.
ඒ සියලු දේවල් එක්ක සමාජය තුළ එතුමා පිළිබඳ හොඳ වගේම නරකත් කතා වෙනවා.ඔහු මේ වෙද්දී බන්ධනාගාරේ සිරකරුවෙක් විදිහට නෙවෙයි. ඉතාමත් සැප විඳිමින් එහි ගත කරන බවට ආරංචි මාර්ගවලින් සඳහන් වෙන ආකාරයේ සටහනක් එක්තරා පුද්ගලයෙක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කර තිබුණා.ඉතින් ඔහු සඳහන් කෙරූ ඒ විස්තරය පහතින් උපුටා දක්වා ඇත.
"ජනාධිපති සමාවක් නොලැබූ සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2025 ජුනි 9 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් තුෂාර උපුල්දෙණිය 2025 ජුනි 10 වැනිදා (අද දිනයේ) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ නඩුව විභාග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්, උපුල්දෙණිය 2025 ජුනි 11 වැනිදා දක්වා කොළඹ බන්ධනාගාර තුල රිමාන්ඩ් කිරීම සඳහා නියෝගය ලබාදී ඇත.
කෙසේ වෙතත් බන්ධනාගාරයට පැමිණි පසු ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එකදු විනාඩියක් වත් නොසිට වහාම බන්ධනාගාර රෝහල වෙත ඇතුල් කර ඇත,මේ සදහා බන්ධනාගාර වෛද්‍යවරයා සම්බන්ද වී ඇත. මේ බන්ධනාගාර වෛද්‍යවරුන් ඉතාමත් තක්කඩි විදියට අතයට ගනුදෙනු මත ක්‍රියාකරන්නේ අද ඊයේ නොවන බව බොහෝ මාධ්‍යවාර්තා මගින් අපිට බොහෝ කාලයක සිට වාර්තා මගින් අප දැනුවත් වී ඇත. මෙලෙස උපුල්දෙණිය බන්ධනාගාර රෝහලට ඇතුළු වූ වහාම බන්ධනාගාර රෝහලින් ද අතුරුදහන් වී ඇත.
උපුල්දෙණිය ගේ සහෝදරයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියා ය. සොයා බැලීමේදී ඔහු කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඔහුගේ මල්ලිගේ කාර්යාල කාමරයට ගොස් ආතල් එකේ සිටින බවට අප වෙත වාර්තා වි ඇත. රාත්‍රී යේ නිදා ගැනීමට පමණක් බන්ධනාගාර රෝහලට යන බවට දැනගන්නට ලැබී ඇත අධිකරණ ඇමතිතුමනි මේ ගැන සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔබලා ගැන ජනතාවගේ විශ්වාසය පළදු වනු නොඅනුමානයයි. මේ රටේ සෑම අයෙකුටම නීතිය එක හා සමානය නීතියට ඉහලින් කිසිවෙක් නොමැත.
එම නිසා 2025.06.11 දිනයේදී උපුල්දෙණිය නැවත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ඇත. ඔහුට හොදට කන්න බොන්න දී නා ගන්න office room ලබා දී නැවත අධිකරණයට ඉදිරිපත් කරන තුෂාර උපුල්දෙණිය ගේ කෙරුවාවල් ගැන දිලීප පීරිස් මහතාට සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ට දැනගනු පිණිස මේ පොස්ටුව කරුණාකර share කරන්න"
යනුවෙන් එම සටහනේ දක්වා තිබුණි.
