අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

By Mithu Apr 19, 2025 11:35 PM GMT
Report

 මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?