අද මේ දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි

Report

අද(18) දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දන්වා ඇත.

ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව නිවේදනය කරයි.

මේ අතර සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්