ලංකාව කලාපයේ අඩුම විදුලි බිල ඇති රටක් වෙයි - අගමැතිනිගේ පොරොන්දුව

By Shehan Sep 17, 2025 05:59 PM GMT
Report

ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කරමින්, සමස්ත ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

කෙරවලපිටිය "සොබාදනවි" සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්, ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12%ක්, එනම් මෙගාවොට් 350ක් ලබාදෙන මෙම බලාගාරයේ වැදගත්කම ගැන අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

"රටේ සමස්ත ජනතාවට සාධාරණ හා පහසු මිලකට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නිෂ්පාදකයින්ගේ දායකත්වය ලබා ගැනීම රජයේ ඉලක්කයකි.

ජනාධිපති හෙළි කළ ප්‍රධාන ආර්ථික ජයග්‍රහණ 7ක්

ජනාධිපති හෙළි කළ ප්‍රධාන ආර්ථික ජයග්‍රහණ 7ක්

මෙම විදුලි ජනන පද්ධතිය දේශීය ඉංජිනේරුවන් ඇතුළු දේශීය මානව සම්පත මගින් නිර්මාණය කිරීම ගැන මම ඉතා සතුටු වෙනවා.

ආයතනික හා පෞද්ගලික වශයෙන් විදුලිය භාවිතා කිරීමේදී අනවශ්‍ය භාවිතය සීමා කරමින්, වඩා සැලකිලිමත්ව කටයුතු කරමින් ජාතික ආර්ථිකයට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරනවා," යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. 

බස්නාහිර පළාතට කුඩා ව්‍යාපාර වලට සහන ණය

බස්නාහිර පළාතට කුඩා ව්‍යාපාර වලට සහන ණය

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්