ඉන්දියාව අතට අත දුන්නැති තරහට පාකිස්තානය අද තරගයට එන්නැල්ලු

Report

අද (17) පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩාකිරීම අවිනිශ්චිත බව පවසයි.

මෙයට හේතුවේ ලෙස ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දී අතට අත නොදීමේ සිදුවීම පාකිස්තානයේ මෙම තීරණයට බලපා ඇත.

බය වෙන්න එපා හෙට මේ පැති වලට වතුර කපන්නේ නැල්ලු

බය වෙන්න එපා හෙට මේ පැති වලට වතුර කපන්නේ නැල්ලු

පාකිස්තාන කණ්ඩායමේ තීරණය වී තිබුණේ ඉන්දියාවට එරෙහි තරගයේ තරග තීරක ලෙසින් කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් මෙම තරගාවලියෙන් ඉවත්කළ යුතු බවය. ඉන්දීය කණ්ඩායම අතට අත නොදී සිටීමට මත ඉන්දියාවට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම මීට හේතුව බව ඔවුන් පවසයි.

ඔහු තරගාවලියෙන් ඉවත් නොකරන්නේ නම් තමන් තරගාවලියෙන් ඉවත්වන බවට පාකිස්තානය අනතුරු ඇති නමුත් ඇන්ඩි පයික්‍රොෆ්ට් තරගාවලියෙන් ඉවත්කිරීමේ තීරණයක් මෙතෙක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය ගෙන නොමැත.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම අද පස්වරුව වනවිටත් ඔවුන් රැඳී සිටි හෝටලයේම රැඳි සිටි බව වාර්තා වේ.

අද තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මෙරට වේලාවෙන් ප.ව. 7.30ට ආරම්භවීමට නියමිතව තිබුණත්, මෙතෙක් ඔවුන් ක්‍රීඩාංගණයට පැමිණ නොමැති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් තරගය පැයක් පමණ ප්‍රමාද වනු ඇති බව සඳහන්.