ජනපති අනුර නිසා රට නැවතත් සංවර්ධනය වන බව චීනයම කියයි

Report

චීන තානාපති චී චෙන් හොං පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තේරී පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව "නව යුගයකට” අවතීර්ණ වී ඇති බවයි.

ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමත් සමගය. එහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කලේ , ‘ප්‍රකට හේතු’ මත පසුගිය වසරවලදී අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස අඩු කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි.

නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ ව්‍යාපෘතියට නැවත වේගයක් ලැබී ඇති බව ඔහු පවසන අතර, “මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනවා.

චීන රජය, මූල්‍ය ආයතන සහ තානාපති කාර්යාලය, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය නැවත තහවුරු කරනවා” මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බොහෝ දුෂ්කරතා ජය ගැනීම සමත්වීම පිළිබඳව චීන තානාපතිවරයා තවදුරටත් සිය ප්‍රශංසාව පළ කර තිබුණා.