ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට නාසා ආයතනයේ සියල්ල සූදානම්

Report

සැප්තැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X DRAGONFLY, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15 ට කක්ෂගත කිරීමට නියමිතය. ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වය මෙම ව්‍යාපෘතිය ලබා දී තිබේ.

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X DRAGONFLY චන්ද්‍රිකාව අගෝස්තු 24 වන දින නාසා ආයතනයේ SPX33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගෙන ගියේය. එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කිරීමට නියමිත බව වාර්තා වේ.

2019 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම නැනෝ චන්ද්‍රිකාව වූ රාවණා-1 සහ 2022 දී ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතියක් යටතේ නිර්මාණය කරන ලද KITSUNE චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමෙන් අනතුරුව, මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණික ගමනේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

BIRDS-X DRAGONFLY ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රාග්ධන වියදමක් දැරීමට සිදු නොවූ බව විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය, ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ නිර්මාතෘ වන ඉංජිනේරු (ආචාර්ය) සනත් පනවන්න මහතා විසින් ආරම්භ කර මෙහෙයවන ලදී.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA), ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ඒජන්සිය (ARDC) සහ ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ සහයෝගය ලැබිණි. මෙම ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකේය ඉංජිනේරු කණ්ඩායමට ඉංජිනේරු කාමනී එදිරිවීර, ඉංජිනේරු කවීන්ද්‍ර ජයවර්ධන, ඉංජිනේරු තරිඳු දයාරත්න, ඉංජිනේරු කවීන්ද්‍ර සම්පත්, ඉංජිනේරු උදිත ගයාන්, සහ පර්යේෂණ විද්‍යාඥ තිළිණ විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළත් විය.

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්