ලංකාවේ තොන්ඩමන් නේපාලයේ වීරයෙක් වෙයි, අරගලේට සිර වී හෝටලේ ගිනි ගද්දි තම දිවි නොතකා අනිත් අය බේර ගෙන [PHOTOS]

Report

පසුගිය දිනවල නේපාලේ පැවති ජාත්‍යන්තර මහා සභා සමුළුවට සහභාගී වීමට නේපාලයට පැමිණ සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමන් මහතා, මෑතකදී නේපාලයේ පැවති අරගලය අතරතුරදී තමා නවාතැන් ගෙන සිටි හෝටලයට විරෝධතාකරුවන් ගිනි තැබීමේ සිදුවීමකින් අනූ නවයෙන් දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගින්න ඇවිලෙමින් පැවති අවස්ථාවේදී තම ජීවිතය පමණක් බේරාගෙන පළා යාමට අවස්ථාව ඔහුට ලැබී ඇත.

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

එහෙත් ඔහු එම අවස්ථාවේදී එය නොතකා අනෙකුත් හෝටල් අමුත්තන්ගේ ජීවිත බේරාගැනීමේ කාර්යයට උපකාර කර ඇති බව පවසා තිබෙනවා.

ඒ ඔහු විසින් තවත් අමුත්තන් කිහිප දෙනෙකුට ගිනි ජාලාවෙන් මිදී ආරක්ෂිතව පිටතට පැමිණීමට සහයෝගය ලබා දීමෙන් බව වාර්තා වේ.

මේ අතර සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ක්‍රියාවට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුගේ උදව්වෙන් ජීවිතය බේරාගත් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට තම ප්‍රශංසාව පළ කරමින් සටහන් තබා තිබෙනවා.

කෙසේ වෙතත් කරදර හමුවේ උතුම් මනුෂ්‍යත්වයෙන් කටයුතු කළ මිනිසුන් හමුවේ ඔහුද කොටස්කරුවෙකු වී හමාරය.

හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ මරුට, නිවසට දමා විරෝධතාකරුවන් ගිනි තියලා

හිටපු නේපාල අගමැති ජල්නාත් ඛනාල්ගේ බිරිඳ මරුට, නිවසට දමා විරෝධතාකරුවන් ගිනි තියලා

එවැනි අයෙක් ශ්‍රී ලංකාවේ වගකීමක් දරන පුද්ගලයකු වීම ලක්වැසියන් ලෙස අපද ආඩම්බර විය යුතු කරුණකි.

මීට දින කිහිපයකට පෙර නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම නිසා, Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම ඉකුත් දා තහනම් කිරීමට නේපාල රජය පියවර ගැනීමත් සමඟ ‘Gen Z’ විරෝධතාකරුවන් ඊට විරුද්ධව විරෝධතා ආරම්භ කර තිබුණු අතර එහි තත්ත්වය වඩාත් උණුසුම් ස්භාවයක් ගෙන තිබුණා.

විරෝධතා උත්සන්න වීමත් සමඟ එයට ප්‍රචණ්ඩත්වය මුසු වීමෙන් බොහෝ දෙනෙක්ට දිවි අහිමි වූ බව සඳහන්.

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි

GalleryGallery