වස ලැජ්ජාවයි සාසනේ කනවා හෙරොයින් එක්ක හිමිනමක් මාට්ටු
ඊයේ (16) රාත්‍රියේ දී හෙරොයින් ළඟ තබාගෙන සිටි හිමිනමක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අලව්ව පොලිස් වසමේ විහාරස්ථානක වැඩ විසූ වයස අවුරුදු 38ක හිමිනමක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රැම් 300ක් තිබී ඇත.
එමෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 31 වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් සතුවද හෙරොයින් ග්‍රෑම් 17ක් තිබී ඇත.
අත්අංගුවට ගත් තිදෙනා අද (17) පොල්හවෙල අධිකරණය වෙත ඉදිරිපත්කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.
මෙම සැකකරුවන් මිනුවන්ගොඩ නේවි දිනේෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වේ.