පාසල් දවස්වල ඛනිජ ප්‍රවාහයට නව නීති - රථ වාහන ධාවනයට වෙනසක්

Report

පාසල් පැවැත්වෙන දිනවල පෙ.ව. 6:30 සිට 7:45 දක්වා සහ පෙ.ව. 11:30 සිට ප.ව. 2:30 දක්වා ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීමට පැනවූ කොන්දේසි සංශෝධනය කර ඇත.

නිවේදනයක් මගින් දැනුම් දී ඇති පරිදි, ඉදිකිරීම් කර්මාන්තයට දහවල් කාලයේ ඛනිජ ප්‍රවාහනයට එල්ල වන බලපෑම සහ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම් සලකා බලා, ඔවුන්ට ඇතිවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා මෙම සංශෝධනය සිදු කර ඇත. 

ඉහත කාලසීමාවන්හිදී පාසල් ආසන්නයේ සහ සිසුන් පාර මාරුවන ස්ථානවල ඛනිජ ප්‍රවාහනය වේග සීමාවන්ට යටත්ව, පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.

ජනාධිපති හෙළි කළ ප්‍රධාන ආර්ථික ජයග්‍රහණ 7ක්

ජනාධිපති හෙළි කළ ප්‍රධාන ආර්ථික ජයග්‍රහණ 7ක්

ඒ අනුව, 2025 සැප්තැම්බර් 17 වැනිදා සිට පාසල් දිනවල ඉහත කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහනය නව සංශෝධිත කොන්දේසිවලට අනුකූලව සිදු කළ යුතු බව දැනුම් දී ඇත.

පසුගිය සැප්තැම්බර් 04 වැනිදා සිට, ඛනිජ ප්‍රවාහනයේදී අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය හේතුවෙන් පාසල් සිසුන් රැගත් වාහන අනතුරුවලට ලක්වීමේ බහුලත්වය හේතුවෙන්, ඉහත කාලසීමාවන්හිදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබුණි.

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වෙයි

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්