ත්‍රිපෝෂ ගැන සමාගමෙන් කියන දේ.
Sri Lanka
Ministry of Health Sri Lanka
Government Of Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සතු සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර ද මේ වනවිට උපරිම ධාරිතාවෙන් යුතුව ක්‍රියාත්මක වන බව එම සමාගම සඳහන් කළේ ය.
එමෙන්ම පසුගිය කාලයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිගු නියමිත ප්‍රමිතියට සපයාගැනීමට නොහැකි වීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් බාධක මධ්‍යයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සිදු විය.
මේ වන විට ගර්භනී සහ කිරිදෙන මවුවරුන්ට මෙන්ම වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට ත්‍රිපෝෂ සපයන බවත් වයස මාස 6 ත් අවුරුදු 3 ත් අතර දරුවන්ගේ ත්‍රිපෝෂවලට අදලා නිර්නායකයන් සම්බන්ධයෙන් පරස්පරතාවක් පවතින බවත් එම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යංශය විසඳුමක් දෙන්නේ නම් එම වයස් කාණ්ඩයේ දරුවන්ට ද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ඇති බවත් එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.