කෝටි ගණන් වටිනා වාහන ගන්න ත්‍රිකලා ධරණී,මේ පාර හෙලිකොප්ටරයකුත් බස්සපු හැටි(PHOTOS)

srilanka Thrikala dharani Range rover
By Sithumi Feb 24, 2022 02:40 PM GMT
Sithumi

Sithumi

Report

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.ඉතින් නිරුපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

ඉතින් ඒ ගැන ඇය කියනේ මේ වගේ දෙයක්. මට පුංචි කාලේ තිබිච්ච ආසාවක් තමයි ගුවන් සේවිකාවක් වීම සහ ඔටුන්නක් හිස දරපු රූප රාජිනියක් වෙන එක.අපේ තාත්තා හරියට නිතීයට වැඩ කරන කෙනෙක්. එයා පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ මම පැජන්ට් වලට යනවට. මම ඒවාට විරුද්ද වෙන්න ගියේ නැහැ මම මගේ හින හිතේ තියාගෙන හිටියා.

පස්සේ මම විවාහ උනා. මගේ හින වලට අත දෙන සහකරුවෙක් මට හම්බ උනා. එයාට මගේ හින ගැන කිව්වම එය කිව්වේ ඒක ඔයාගේ ආසවක්නම් අපි ඒවා කරමු කියලා.ඇත්තටම එයා මාව හොදට තේරුම් ගත්තු කෙනෙක්. මට ඕන උනේ නැහැ හැම පජන්ට් එහෙකටම යන්න.මට ඕන වුනේ වැඩි දෙනෙක් සහභාගී වෙන පැජන්ට් එහෙකට යන්න.

මම ඒ ගැන අන්තර්ජාලයේ විස්තර හොයනකොට තමයි හම්බ උනේ මිසිස් යුනිවර්ස් තරගය ගැන.2017 ඒ අනුව තමයි මම මිසිස් යුනිවර්ස් තරගයට සහභාගී වෙන්නේ. ඒ වගේම ඇය මේ වන විට ඉතා ධනවත් නිරුපිකාවක් කිවහොත් නිවරදි. පසු ගිය දිනක channel c නාලිකාව මගින් මෙහෙයවපු වැඩසටහනකට ඇයව සහභාගී කරගෙන තිබුනා.

එහි විශේෂය වන්නේ ඒ දින ඇයව එම වැඩසටහනට ගේනවා තිබුනේ ඇයගේ අලුත්ම වෙනස්ම වර්ණයකින් ඇයටම නිර්මාණය කර ගත්තු රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් ඇය සතු නිසයි. ඒ වගේම පසුගිය කාලේ ඇයගේ වටිනා වර්ගයේ හෑන්ඩ් බෑග් එකක් නිසාත් ඇය ගැන එත් බොහෝ සේ කතා බහට ලක් වුනා.

ඉතින් එම වැඩසටහනේදී ඇය මෙමෙ අලුත්ම වහනය ගැන සහ ඇයට මෙපමණ මුදල් ප්‍රමාණයක් ලැබුණු ආකාරය ගැන කිවුවේ මේ වගේ දෙයක් මගේ වාහනේ ඉතිං මම ඩිසයින් කරගත්තේ මටම ඕනේ විදිහට.ඒ නිසා තමයි මම ආසම කලර් එකක් වුන පින්ක් වලින්, ආසම වර්ගෙකින්, මගේ නමින්ම number ප්ලේට් එක ගහලා මං ආසම විදියට මගේ වාහනය හදා ගත්තේ.

ඇත්තටම මේ වගේ පාටක මේ විදිහේ වාහනයක් ලංකාවට වෙන නෑ. ඉතින් ඒ නිසා මම මේ වාහනයට කියන්නෙත් ත්‍රිකලා ධරණි රේන්ජ් රෝවර් කියලා තමයි.ඉතින් මට මේ හැමදේම කරගන්න පුළුවන් වුනේ ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයෙන් නෙවයි. මොකද ලංකාවේ අපිට මේ විදිහට දියුණු වෙන්න බෑ . නිරූපිකාවක් විදියට වැඩ කරන්නේ ලංකාව ඇතුළෙ විතරක් නෙවෙයි. මම වැඩ කරන්නේ ඩුබායි අබුඩාබී සාජා කියන ප්‍රාන්තවල.

ඒ ප්‍රාන්ත වල අපේ රටේ වගේ නෙමෙයි, නිරූපිකාවන්ට හොඳ ගෙවීමක් කරනවා. එයාලා අපෙන් මොන වැඩක් ගත්තත් අපිට හොඳට ගෙවෙනවා. ඉතින් ඇයගේ ගායන හැකියාව පෙන්වමින් පසුගිය දවස්කා නව ගීතයකුත් එලි දක්වලා තිබුනා. ඉතින් මේ දවස්වල කතාබහක් යනවා ත්‍රිකලාගේ නමින් මෝටර් රථයක් සැකසුවා වගේ හෙලිකොප්ටර් යානයකුත් ගෙන්වලා තියනවා කියලා.

ඉතින් මේ කතාව ඇත්තද කියලා බලන්නත් එක්ක ත්‍රිකලාගේ හෙලිකොප්ටර් කතාව මොකක්ද කියලා දැනගන්න අපි මේක ගැන සොයලා බැලුවා. මේක ඇයගේ අලුත් මියුසික් වීඩියෝ එකේ කොටසක් විතරයිලු. හෙලිකොප්ටර් එකක් ගෙන්වන්න තාමත් වත්කමක් නැහැ කියලයි ඇය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery