ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන්න යයි..හේතුව මෙන්න..
Fuel Price In Sri Lanka
Sri Lanka Fuel Crisis
Income Tax Department
By Aruna
18%ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය අවධාරණය කරනවා.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ, ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි.
හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ, පසුගිය අවස්ථාවලදී රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් නමුත් වැට් බදු ගැලපීම සමඟ ගාස්තු වැඩි කිරීමක් සඳහා යොමු වන බවයි.

