චූන් පාන් රථයක් හා ලොරියක් ගැටී බිහිසුණු අනතුරක් - එක් අයෙක් මරුට
බේකරි නිෂ්පාදන බෙදා හරින "චූන් පාන්" නමින් හදුන්වන ත්‍රී රෝද රථයක් ධාවනය වෙමින් තිබියදී රෝදයක් ගැලවී ගොස් පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී පාදුක්ක හොරණ මාර්ගයේ බොරළුකැටිය ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී ඇත.
අද (27) දින උදෑසන සිදු වූ මෙම අනතුරින් අඳාළ ත්‍රී රෝද රථ රියදුරු මියගොස් ඇති බව පාදුක්ක පොලිසිය ප්‍රකාශ කරයි.
එසේ මිය ගොස් ඇත්තේ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 43 හැවිරිදි තිදරු පියෙක් බව සඳහන්.
අනතුරින් මියගිය පුද්ගලයා හොරණ කොටිගම්ගොඩ ප්‍රදේශයේ සිට පිටි ආහාර ද්‍රව්‍ය විකිණීම සදහා "චූන් පාන්" නමින් හදුන්වන ත්‍රී රෝද රථයක පාදුක්ක දෙසට ධාවනය කරමින් සිටියදී එක්වරම එහි දකුණු පස රෝදය ගැලවී යාම හේතුවෙන් ත්‍රී රෝද රථය පාලනය කර ගත නොැහැකිව මාර්ගය පුරා ධාවනය වී ඇත.
පසුව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර අනතුර වළක්වා නොගැනීම මත අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී ලොරි රථයේ රියදුරුට පහර දීමට තැත්කළ ප්‍රදේශවාසියෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පාදුක්ක පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරන බව සඳහන්.