අඩි 100ක් ප්‍රපාතයකට පෙරලුණු ලොරියේ රියදුරු ගැන හෙළිදරව්වක්

Report

වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයක් පෙරළී සිදු වූ අනතුරේ තුවාලකරුවෙකු වන රියදුරාගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමේදී ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර ලොරි රථය ධාවනය කළ බවට වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

මෙම පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසියේ නිළධාරින් සඳහන් කළේ රියදුරා ලොරි රථය ධවනය කර ඇත්තේ වලංගු රියදුරු බලපත්‍රයක්වත් නොමැතිව බවයි.

වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා පසුගිය (25) දර ප්‍රවාහනය ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයක් වූ තේ වත්තකට පෙරළී තිබේ.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිඳුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඒම තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ හේතුවෙන් ඔවුන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යෑවු බව ලිඳුල පොලීසිය සඳහන් කර ඇත.

සැකකටයුතු මරණ‍යක්

සැකකටයුතු මරණ‍යක්

  පසුගිය (25) පස්වරු 3.30ට පමණ සිදුවූ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්ලාස්‌ගෝ වතුයායේදීය ලිඳුල පොලීසිය සදහන් කළේ වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීමෙන් ඇති වූ කාර්මික දෝශයක් නිසා ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළි මෙම අනතුර සිදු වී ඇති බවයි.   

ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - සංවර්ධනයට ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්

ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - සංවර්ධනයට ඩෙන්මාර්කය සමග සාකච්ඡාවක්