සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

Report

කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ 09 නිවුන් දරු උප­තක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූ­ර්ණ­යෙන්ම අස­ත්‍ය­යක් බව රෝහල් පාල­නා­ධි­කා­රිය සදහන් කර තිබේ.

මේ මාසයේ අවස්ථා දෙක­ක­දීම මේ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ඒඅයි තාක්ෂ­ණය මඟින් සක­සන ලද අසත්‍ය රූප­රාමු සහි­තව පළ­කර තිබූ අතර, ජන­තාව මේ පුවත සත්‍ය­යක් ලෙස සල­ක­මින් විම­සීම් කරන බව ද වාර්තා විය.

මීට සති­ය­කට පමණ ඉහ­තදී මේ නව නිවුන් දරු උපත පිළි­බ­ඳව තොර­තුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට පළ වූයේ මෙරට ජන­ප්‍රිය තරුණ රංගන ශිල්පි­නි­ය­කගේ නමින් වේ .

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය

එහිදී වසර එකො­ළ­හ­කට ආසන්න කාල­යක් දරු­වන් නොමැ­තිව සිටි තම සොයු­රි­යට මේ ආකා­ර­යට කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලේදී නිවුන් දරු උප­තක් සිදුවූ බව ඇයගේ නමින් සඳ­හන් කර තිබිණි.

ඉන් සති­ය­කට පමණ පසුව කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලේදී දමිළ මව­කට ද නිවුන් දරු උප­තක් සිදුව ඇති බවට නැවත සමාජ මාධ්‍ය ඔස්සේ තොර­තුරු පළ කර තිබිණි.

මේ අසා­මාන්‍ය සිදු­වීම පිළි­බ­ඳව පුවත ජන­තා­වගේ ද දැඩි කුතු­හ­ල­යට ලක්ව තිබූ අතර පසුව කළ විම­සී­ම­කදී අනා­ව­ර­ණය වූයේ එය තම මුහුණු පොතේ අගය වැඩි­කර ගැනීමේ අර­මු­ණින් කිසි­යම් පුද්ග­ල­යකු විසින් පළ කරන ලද ජන­තාව නොමඟ යව­න­සුලු අසත්‍ය පුව­තක් වන බවය.

මේ පුවතේ සත්‍ය අස­ත්‍ය­තාව නොදත් බොහෝ දෙනකු ජන­තාව නොමඟ යවන එම පුවත තවත් පිරිස් වෙත යවා ඇති බව ද වාර්තා විය. කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ බල­ධා­රීහු සමාජ මාධ්‍ය පරි­ශී­ල­ක­ය­න්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අසත්‍ය පුවත් නිර්මා­ණය කර­මින් ජන­තාව නොමඟ යැවී­මෙන් වළ­කින ලෙසයි.