රුපියල ස්ථාවරයි - මේ බැංකුවල අද අ. ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ ස්ථාවරත්වය මෙන්න
ඉකුත් සිකුරාදා දිනට සාපේක්ෂව අද (27) දින ශ්රී ලංකාවේ වාණිජ බැංකු හරහා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ස්ථාවරව පවතියි. ඒ විකුණුම් අනුපාතය රු. 321 ක් වශයෙන්.
සෙලාන් බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 314 සිට රුපියල් 314.90 දක්වා සහ රුපියල් 319.75 සිට රුපියල් 321.65 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම NDB බැංකුවේ, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය සහ විකුණුම් අනුපාතිකය පිළිවෙලින් රුපියල් 314.50 සහ රුපියල් 321 ලෙස නොවෙනස්ව ඇත.
තවද මහජන බැංකුව වාර්තා කරන පරිදි, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 314.34 සිට රුපියල් 314.93 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 321.27 සිට රුපියල් 321.88 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 312.80 සිට රුපියල් 313.30 දක්වා සහ රුපියල් 321.25 සිට රුපියල් 321.75 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාතිකය රු. 314.75 සිට රු. 315.25 දක්වා සහ රු. 321.25 සිට රු. 321.75 දක්වා ඉහළ ගොස් ඇත.