ෂම්මි ක්‍රිකට් සභාපතිකමෙන් ඉල්ලා අස්වෙන හැඩයි ?
By Mithu
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ලබන බදාදා (29) වනවිට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ.
2019 වසරේ සිට අඛණ්ඩව සභාපති ධුරය දැරූ ඔහු, වගකිවයුතු පාර්ශව විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම තීරණයට එළඹ ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කාලසීමාව පුරා වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් සහ හිටපු ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති අතර, ඉන් අනතුරුව ක්‍රිකට් පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ඉඩ ඇති බව ද පැවසේ.