ඇගලුම් ක්ෂේත්‍රයේ 16,000 කට පමණ රැකියා අහිමි වීමේ අවධානමක්, සේවක සේවිකාවන් විරෝධතාවයක
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කර ඇති තීරු බදු ප්‍රතිපත්තියට විරුද්ධව මෙරට පැවැත්වූ පළමු විරෝධතාවය සහ උද්ඝෝෂණය අද (13) දින පස්වරුවේ කටුනායක නිදහස් වෙළෙඳ කළාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී පැවතුණා.
ඒ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවක සේවිකාවන් 500කගේ පමණ සහභාගීත්වයෙන්.
ඒ අනුව මෙහිදී විරෝධතාකරුවන් සඳහන් කළේ ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු හේතුවෙන් ස්ටාර් ගාමන්ට් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වෙත වසර ගණනාවක සිට ලබා දෙන නිල ඇදුම්, වාර්ෂික විනෝද චාරිකාව, වාර්ෂික ක්‍රීඩා උත්සවය වාර අවසාන සුහද හමුව සහ වසරේ ජනවාරි මස 01 දින සෑම සේවකයෙකුටම ලබා දෙන ත්‍යාගය ඇතුළු සුභ සාධක දීමනා ආයතන පරිපාලනය මඟින් කපා හැර ඇති බවයි.
තවද නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් විසින් ප්‍රකාශ කළේ මෙම තීරු බදු හේතුවෙන් ඇමෙරිකානු වෙළෙද පොළ වෙත යැවෙන භාණ්ඩවල මිළ ගණන් ඉහළ යන අතර, එනිසා ඒවා මිළදී ගැනීම අඩු වී, ඒවායේ අලෙවිය පහත වැටෙන බවත් ය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් කර්මාන්තශාලා වසා දැමීමට සිදු වන බවත් කියා ඇත. ඊට අමතරව ඔඅහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් මෙම තීරු බදු ප්‍රතිපත්තිය නිසා මෙරට ඇගලුම් ක්ෂේත්‍රයේ 16,000 කට පමණ රැකියා අහිමි වීමේ අවධානමක් මතු වී ඇති බව මෙම ක්ෂේත්‍රයේ පර්‍යේෂණ ගණනාවක් සිදු කළ පර්යේෂකයන් තමන් සමග පැවසූ බවයි.
එබැවින් ඔවුන් චෝදනා කරන්නේ මෙම බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයෙන් තමන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද රජය වෘත්තීය සමිති සාකච්ඡා සදහා නොකැදවා හාම්පුතුන් සමග පමණක් සාකච්ඡා කරමින් සිටින බවයි.