විදුලිය විසන්ධි කරන්න ගියැයි නිවැසියන්ගෙන් ප්‍රහාරයක්.

Sri Lanka Police Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani Aug 01, 2023 04:32 PM GMT
krishani

krishani

Report

ඊයේ (31) වාද්දුව - හබරගස්ලන්ද ප්‍රදේශයේ නිවසකට විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් පිරිසක් ගොස් තිබෙනවා.

එහිදී නිවෙස් හිමියා සිදු කළ පහර දීමකින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණ.

මේ වන විට පහරදීම සිදුකල පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර එම නිවසට විදුලි බිල නොගෙවීම මත රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය නොසළකා හැරීම මත විදුලිය විසන්ධි කිරිමට මෙලෙස ඊයේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් තුන්දෙනෙකු අදාළ නිවසට ගොස් ඇත.

එහිදී උරණ වූ සැකකරු සේවකයින් තුන්දෙනාට පහර දී විදුලි සැපයුම බලහත්කාරයෙන් ලබා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් යළි අදාළ නිවසේ විදුලිය විසන්ධි කර ඇත.

ReeCha