අභිරහස් ලෙස මියගිය භික්ෂුවකගේ සහ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Aug 31, 2023 05:15 PM GMT
Wayomi

Wayomi

Report

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් අද (31) පෙරවරුවේ සොයා ගැනුණා.

ඉන් එක් මළ සිරුරක් සොයාගනු ලැබුවේ , ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදීයි.

ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ 32 හැවිරිදි හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියා.

උන්වහන්සේගේ දේහය හමුවී ඇත්තේ එම හිමිනම විසින් විහාරස්ථානය ආසන්නයේ වගාකළ ඉඩමක ඉදිකර තිබූ පැල්පතක තිබියදීයි.

මේ අතර අනෙක් සිරුර කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදී හමුවී ඇත.

ඔහු 51 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ නිවස ආසන්නයේම මෙම වගා ළිඳ පිහිටා තිබෙනවා.

පොලීසිය සිදුකළ විමර්ශන අනුව ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් බවට සොයා ගැනුණා.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇති බව සඳහන්.

අදාල හිමිනම සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර ඇත් ද නැතිනම් සියදිවි නසාගෙන ඇත්ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත දේහයන් යොමුකර ඇති අතර මෙම මරණවලට අදාළ පොලිස් පරීක්ෂණ ගලෙන්බිදුණුවැව හා කොකාවැව පොලීසිය මගින් සිදු කරනු ලබනවා.  

ReeCha