තවත් ප්‍රතිජිවක ඖෂධ ඛාණ්ඩ තුනක් ඉවත් කෙරේ.

Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Aug 24, 2023 06:14 PM GMT
Wayomi

Wayomi

Report

ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සඳහා භාවිතා කරන "කෝ ඇමොක්සික් ලෙව්" නැමති ප්‍රතිජිවක ඖෂධයේ තවත් ඛාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, මීට පෙර ද භාවිතයෙන් ඉවත් කර ඇති මෙම ඖෂධය තත්වයෙන් බාල බවට වෛද්‍ය සැපයුම් අංශය නිර්දේශ කිරීමත් සමඟ මෙම පියවර ගත් බවයි.

ළමා රෝග ආසාදනවලදී බහුල වශයෙන් ලබා දෙන මෙම ප්‍රතිජීවක ඖෂධය දේශීය සමාගමක නිෂ්පාදනයකි.

ඒ, අනුව එම ඖෂධය පිළිබද වැඩිදුර පරීක්ෂණ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණාගාරයකට යොමු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

කෙසේ වෙතත් ඒ ආකාරයට පරීක්ෂණ වලට යොමු කර තිබියදී මෙම සමාගම විසින් නිෂ්පාදනය කර යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ තත්ත්වයෙන් බාල බව සොයා ගැනීමත් සමඟ පසුගිය 15 වැනිදා භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා සඳහන් කළා.

ReeCha