අපරාධවලට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට
By Kaushi
මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් බව සඳහන්.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම අඳාළ සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී ඉකුත් වසරේ දී ඉන්දියාවට නීතිවිරෝධී ආකාරයට ඇතුළු වී ඇති බව ද පවසයි.
මින් පෙරද සමාජයේ ආන්දෝලනයට තුඩු දුන් අපරාධ සිදු කළ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැසක් විදේශයේ සැඟව සිටියදී විදෙස් ආරක්ෂක අංශවලින් ලද සහයෝගය මත අත්අඩංගුවට ගැනීමට හැකි විය.