විශාලතම යුධ නෞකා 03ක් ශ්‍රී ලංකාවට එයි..අද සිට වෙන්න යන දේ මෙන්න.(PHOTOS)
ඉන්දු - ලංකා යුද හමුදා අතර වාර්ෂිකව පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අද ආරම්භ වනවා.
ඒ සඳහා සහභාගි වන ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු ඊයේ මත්තල ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.
අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී අද ආරම්භ වන යුද අභ්‍යාසය ලබන 16 වනදා තෙක් පැවැත්වෙනවා.
දෙරටේ හමුදා අතර මිත්‍රත්වය වැඩිකරගැනීම සහ අත්දැකීම් හුවමාරුව අරමුණු කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය පළමුවරට ආරම්භ කරනු ලැබුවේ 2012 වසරේදියි.
එමෙන්ම, ජපානයට අයත් විශාලම යුද නෞකා තුනක් වන කාගා, මුරසාමේ සහ ෆුයුෂුකි නෞකා ත්‍රිත්වය ද ඊයේ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණා.
මේ අතර සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා දිවයිනට පැමිණියා.
එයාර් ඉන්දියන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී යානයකින් ඔහු ඊයේ රාත්‍රී 7.40ටයි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ.
ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ තවත් තුන්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන් පිළිගැනීම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා විදේශ ලේකම් ධුරයට පත්වීමෙන් පසු මෙරට සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.
ලබන පස්වනදා තෙක් ඔහු ඇතුලු දූත පිරිස මෙරට රැඳී සිටින අතර, එම කාලය තුළ ඔහු මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිතයි.
එසේම ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයාද මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |








