තායිපේහි පිහි ඇනුමකින් සහ දුම් බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගිහින්
තායිවානයේ තායිපේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් හා දුම් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
දුම්රිය ස්ථානයේ කාර්යබහුල අවස්ථාවක දී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර තිබේ.
එම ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙලෙස තුවාල ලැබු එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව 27 හැවිරිදි චැං නම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට හදුනාගෙන තිබෙයි.
ඒ වගේම තයිවානයේ කාර්බහුලම දුම්රිය මධ්‍යස්ථානය වන තායිපේ මෙට්‍රෝ ප්‍රධාන දුම්රිය ස්ථානයේ දීයි.
මෙම ප්‍රහාරය එල්ල විය. එම පොලිස් ප්‍රහාර හමුවේ ප්‍රහාරකයා වහලයකින් ඇද වැටී මිය ගොස් ඇත.
මේ අයුරින් තායිවාන නායක විලියම් ලාලි චිං ටේ සිදුවීම මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බව සදහන් කරයි.