ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට...
By Parami Dissanayake
ඊජිප්තුවේ Zagazig නගරයේ දී මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇත.
එමෙන් ම, තුවාල ලැබූවන්ගෙන් 5 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව ද සඳහන් වේ.
විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරන්නේ, එරට තුළ පවතින දුම්රිය පද්ධතියේ දුර්වලතාවය මෙම අනතුරට හේතු වී ඇති බවයි.