ශ්‍රී ලාංකික ආර්ථිකයේ වර්ධනයක් ....
By Parami Dissanayake
2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම 2024 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කළේ ය.
ඒ අනුව, 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,644,240ක් ලෙස වාර්තා වී තිබුණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව එය 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු. මිලියන 2,768,293 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන් ම, 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මිල කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 1.7, සියයට 10.9 ක් සහ සියයට 2.5 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර තිබුණි.