යාපනේ ජනතාව මාව මරයි - සජිතගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු අර්ච්චුනා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹින් තරඟ කරන ලෙස ඉල්ලා සිටි බව අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත. අද (2025.12.24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ඇප මත නිදහස් කරන ලදී.
එළියට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය කළේය.
ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
"අපි අනාගතයේදී ඒ ගැන සිතමු. නමුත් යාපනයේ ජනතාව මාව යන්න දෙන්නේ නැහැ. ඔවුන් මාව මරයි. මම එහෙම ආවොත්, මම නීතිඥ කෞශල්‍යාව එතන දාලා යනවා." මට පස්සේ ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ ඇය. ඇයට ඡන්ද 15,000කට වඩා ලැබී තිබෙනවා. පාර්ලිමේන්තුවේ සිටින ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට වඩා ඔහුට ඡන්ද ලැබී තිබෙනවා. මම හිතන්නේ අපේ රට ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. එක් අවස්ථාවක ඔවුන් රජයට විරුද්ධව ඡන්දය දෙනවා, පසුව ඔවුන් විරුද්ධ පක්ෂයට ඡන්දය දෙනවා. මේ නිසා කොළඹ මහ නගර සභා අයවැය අසාර්ථක වුණා. මෙය රජයේ විශාල බිඳවැටීමක් ලෙස මම දකින බව ඔහු පැවසීය.