කොළඹ නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තියේනම් ගෙදර යන්න - මුජිබර්

Report

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තිබේ නම් තනතුරෙන් ඉවත්ව යා යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ප්‍රකාශ කළේය.

නගරාධිපතිවරිය එසේ නොකළහොත්, බහුතර බලය ඇති ඒකාබද්ධ විපක්ෂය ඉදිරියට කටයුතු කරන බවත්, ඇය දැන් නාමික නාගරාධිපතිවරියක් බවත් ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසූයේ, මීට පෙර නගරාධිපතිවරිය තෝරන ඡන්දයේදී ඇයට අද කියන හෘද සාක්ෂිය තිබුණේ කොහෙද යන්නයි.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා මීට දින දෙකකට පෙර නගර සභා මන්ත්‍රිවරුන්ට  බිරියානි කවා ඡන්ද ලබා දීමට උත්සාහ කළද, මන්ත්‍රිවරුන් මාස හයකට අදාළව සැබෑ හෘද සාක්ෂිය අනුව ක්‍රියා කළ බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

අමාත්‍ය සුනිල් වටගල බිලියන 10ක් ඉල්ලයි - මෙන්න හේතුව

අමාත්‍ය සුනිල් වටගල බිලියන 10ක් ඉල්ලයි - මෙන්න හේතුව

ඇයව ජාතික ජන බලවේගය නගරාධිපතිවරිය ලෙස තෝරාගත් නමුත් පසුගිය මාස හයකින් කොළඹ නගර සභාවේ යටිතල පහසුකම් සංවර්ධනයක් හෝ ව්‍යාපෘතියක් ආරම්භ නොවී, තිබූ පහසුකම් ද අක්‍රමවත් වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු පැවසුවේ, පසුගිය වසරේ කොළඹ නගර සභාවට නගරාධිපති තෝරන අවස්ථාවේ පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන්වා බලහත්කාරයෙන් රහස් ඡන්දයක් පවත්වා ගැසූ ගැටය මාස හයක් වත් ඔවුන්ට අල්ලාගෙන සිටීමට නොහැකි වූ බව ය.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්