ට්‍රම්ප්ගේ නියෝගයක් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරලා

Report

චිකාගෝ ප්‍රදේශයට හමුදා යෙදවීමේ ට්‍රම්ප්ගේ නියෝගය ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ට්‍රම්ප් ජනාධිපතිවරයා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් බහුලව වෙසෙන අධිකරණ බල ප්‍රදේශ ගණනාවකට මෙලෙස හමුදා යෙදවීමට සුදානම් වන බව වාර්තා වේ.

බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ ට්‍රම්ප් තම විරුද්ධවාදීන් මර්දනය කිරීමට දරණ උත්සාහයක් ලෙසයි . 

ඒ හේතුවෙන්  ජනපති ට්‍රම්ප් චිකාගෝ ප්‍රදේශයට ජාතික ආරක්ෂක භටයින් යැවීමට අවසර දීම එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) ප්‍රතික්ෂේප කර ඇත.

රත්‍රන් ආයෝජකයන් සතුටුයි - මිල නැවත වාර්තා බිඳිමින් ඉහළට

රත්‍රන් ආයෝජකයන් සතුටුයි - මිල නැවත වාර්තා බිඳිමින් ඉහළට

ඉලිනොයිස් ප්‍රාන්ත නිලධාරීන් සහ ප්‍රාදේශීය නායකයින් කළ නඩු පැවරිමකදී මෙම තීන්දුව ලබා දී තිබේ.

තවද නියෝගයේ සඳහන් කෙරෙන්නේ ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂක භටයින් ෆෙඩරල් පාලනයට යෙදවීමට බලය ඇත්තේ සුවිශේෂී අවස්ථාවන්හි දී පමණක් බවයි .