පාර්ලිමේන්තු නිවාඩුවෙන් රුපියල් කෝටි හතරක ඉතිරි

Report

2026 අයවැය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් පාර්ලිමේන්තුවේ වියදම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම නිවාඩු කාලය තුළ ආහාර, විදුලිය, ජලය ඇතුළු විවිධ වියදම් අඩුවීම නිසා රුපියල් මිලියන 40ක් පමණ ඉතිරි වනු ඇතැයි ගණන් බලා තිබේ.


දෙසැම්බර් 22, 23, 24 සහ 26 යන දිනවල කාර්ය මණ්ඩලයට නිවාඩු ලබාදී ඇති අතර, සති අන්ත නිවාඩු ඇතුළුව අඛණ්ඩව නිවාඩු දින 9ක් ලැබෙන බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 19 වැනිදාට පසු නැවත රැස්වන්නේ ජනවාරි 6 වැනිදාය.

මෙම ඉතිරිකිරීම රජයේ මූල්‍ය කළමනාකරණයට ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.