කැරට් හා ලීක්ස් වලට ඉහල යන ඉල්ලුම
ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පවසා ඇත්තේ නත්තල් දිනයට අදාළව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවලළු කිලෝ 182,600ක ඉල්ලුමක් ලැබුණු බවයි.
එම ඉල්ලුම රට තුළ පළාත් කිහිපයකට (23-24) දිනවලදී යොමු කළ අතර ඉන් වැඩිම ඉල්ලුමක් කැරට් සහ ලීක්ස්වලට තිබූ බවත් දින දෙක තුළදී කැරට් කිලෝ 55,000ක් සහ ලීක්ස් කිලෝ 55,000ක් අලෙවි කළ බවත් ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ගෝවා කිලෝවක් රු.220, කැරට් රු.200, ලීක්ස් රු.200, රාබු රු.150, බීට්රුට් රු.350, බීට්රූට්/කට් රු.470, අර්තාපල් රු.270, රතු අර්තාපල් රු.280, නෝකොල් රු.250, සලාද රු.600 යන මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බවයි.
මේ අතර වෙළෙඳපොළේ බෝංචි කිලෝවක් රු.800, මාලු මිරිස් කිලෝවක් රු1,200, අමු මිරිස් කිලෝවක් රු.1,000 සහ පහත රට සෑම එළවළු කිලෝවක්ම රු.600-800ත් අතර සිල්ලර මිලකට (24) අලෙවි කර ඇත.