බදුල්ලේ භූමියෙන් 68%ක් නාය අවදානමක
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%කට ආසන්න ප්‍රමාණයක් කුමක් හෝ නාය අවදානමක පවතින බවයි.
අයහපත් කාලගුණය පැවති කාලසීමාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නායයෑම් 368ක් වාර්තා වූ බව එම සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ශනී පෙරේරා පවසා ඇත.
ඒ හේතුවෙන් අධි අවධානම් නිවාස ඒකක 650ක් දළ වශයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බව ඇය සඳහන් කළාය.