සභාපති පුටුවට තිදෙනෙක් සටනක...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 2025-2027 කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණයේ සභාපති ධූරය සඳහා වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු තිදෙනෙක් නාමයෝජනා භාරදී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වර්තමාන උප සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස සහ වර්තමාන විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වල යන මහත්වරු ද සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.
උප සභාපති ධූර දෙක සඳහා වර්තමාන උප සභාපතිවරු වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්රමරත්න යන මහත්වරු මෙන්ම සමන්ත දොඩන්වල මහතා ද නාමයෝජනා ඉදිරිපත් කර ඇත.
ප්රධාන ලේකම් ධූරයට වර්තමාන ලේකම් ක්රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල සහ බන්දුල දිසානායක යන මහත්වරු ද, උප ලේකම් ධූරයට ක්රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරු ද නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.
භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික ධූරවලට වර්තමාන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ හිටපු භාණ්ඩාගාරිකවරයෙක් වන ලසන්ත වික්රමසිංහ යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කළහ.
You may like this video