මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රටටම සුබ ආරංචි - ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය උපයයි

Report

මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළ බවත්, ලංකා බැංකුව වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට සමත් වු බවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභයක් 2025 වසරේ වාර්තා කර ඇති බවත් එම බැංකු සභාපතිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2025 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (20) දින පස්වරුවේ පිළිගන්වමින් බැංකු සභාපතිවරු විසින් මේ බව දන්වා ඇත.

එසේම මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරු විසින් අදාළ වාර්තා මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇති බව සඳහන්.

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

එහිදී අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කර ඇති බවයි.

එසේම එම ලාභය බදු අය කිරීමට පෙර බිලියන 64.4ක් වන අතර බදු අය කිරීමෙන් පසුව බිලියන 40ක් බවද සභාපතිවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා වසර 87ක සිය ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට ලංකා බැංකුව සමත්වූ බවත් එය සියලු බදුවලට පෙර බිලියන 120.8ක ලාභයක් බවත් පෙන්වා දුන් අතර බදු වශයෙන් බිලියන 77ක මුදලක් රජයට ගෙවා ඇති බවද සඳහන් කළා.

තවද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කළේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභය 2025 වසරේ උපයා ඇති බවත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 6ක් ලබා දී ඇති බවත් ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි

රජයේ ප්‍රතිපත්තීන් සමඟ ඉතා සැලසුම් සහගතව සහ ඉහළ මූල්‍ය විනයකින් කටයුතු කිරිම නිසා මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වු බව ද පෙන්වා දුන් බැංකු ප්‍රධානීහු ඒ සඳහා කාර්යමණ්ඩල වෙතින් ලැබුණු සුවිශේෂී සහායද සිහිපත් කළා.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ අදාළ බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සඳහන්.

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න